2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

කලින් තීන්දු කරලා තිබුණානම් ඡන්දෙ කාලෙ බඩු බෙදන්න පුළුවනි - මැතිවරණ කොමිසමේ සභාපති

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169

ගයාන් ගාල්ලගේ l

මැතිවරණයට පෙර බෙදීමට තීරණය කළ භාණ්ඩ සහ ද්‍රව්‍ය ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට මැතිවරණ සමයේදී බෙදාදීමට අවස්ථාව තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශයට පැවසීය.

රජයේ තීරණ අනුව ජනතාවට ලබාදීමට භාණ්ඩ සහ ද්‍රව්‍ය තිබීමට හැකි බවත් ඒවා මැතිවරණයකට පෙර ගත් තීන්දු තීරණ නිසා ඒවාට විරුද්ධ විය නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය. දවස් 45 කුකුළු පැටවුන් බෙදාදීමට ඇත්නම් උන් බෙදා දෙනවා හැර කූඩුව තුළ මැරෙන්නට ඉඩදිය යුතු නැති බවද සභාපතිවරයා කීය.

එසේම පෙර පැවති ආණ්ඩුව සිල්රෙදි බෙදාදුන් අවස්ථාවේදීද ඒ ගැන දැනුවත් කළ බවත් එසේ නොමැතිව බලය තදබල ලෙස නොයෙදූ බවත් සභාපතිවරයා පැවසීය.

ඒ මහතා එම අදහස් පළකළේ ආණ්ඩුවකට මැතිවරණ සමයේදී භාණ්ඩ බෙදිය හැකිදැයි විමසූ අවස්ථාවේදීය.