2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

සීයට 60කට වඩා එජාපය දිනනවා - නවීන් දිසානායක

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 86

රජිත ජාගොඩ ආරච්චි l

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන 341න් සියයට හැටකට වැඩි ප්‍රමාණයක ජයග්‍රහණය අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයට හිමිවන බව වැවිලි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය නවීන් දිසානායක මහතා දේශයට පැවසීය. 

පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය උදෙසා සියලු කටයුතු සූදානම් බවත් එජාපයේ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරු ඉතා උද්‍යෝගයෙන් මැතිවරණ කටයුතු මෙහෙයවමින් සිටන බවද ඔහු ප්‍රකාශ කළේය. 

එක්සත්ව එකමුතුව තිබෙන ප්‍රධානම දේශපාලන පක්ෂය ලෙස මැතිවරණයට ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂයට මෙවර මැතිවරණයේදී ඉහළ ජනතා ප්‍රතිචාරයක් හිමිවනු ඇතැයි තමා විශ්වාස කරන බව කී ඇමැතිවරයා  ජනතා සේවය සඳහා ඇප කැප විය හැකි නොකිළිටි තරුණ නායකත්වයක් ගම් මට්ටමින් තම පක්ෂය හඳුන්වාදී ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කිසිලෙසකින් හෝ එක්සත් ජාතික පක්ෂයට අභියෝග කළ හැකි තත්ත්වයට පිවිස නැතැයි ද ඔහු පැවසීය.