
I සංජීවිකා සමරතුංග
අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා හා නියෝජ්‍ය තානාපතිවරයා කොළඹට මාරුකර මාස ගණනාවක් ගතවී ඇතත් එම පුරප්පාඩුවට සුදුස්සෙක් පත් නොකිරීමෙන් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි දේශයට වාර්තා වෙයි.
පසුගිය අගෝස්තු මාසයේදී එරට ශ්‍රී ලංකා තානාපතිව සිටි ප්‍රසාද් කාරියවසම් මහතා විදේශ අමාත්‍යංශයේ ලේකම් තනතුරට මාරු කරනු ලැබීය. ඉන් ටික දිනකට පසු නියෝජ්‍ය තානාපති මහාචාර්ය ගාමිණී කීරවැල්ල මහතාද කොළඹට කැඳවීය. දැනට අමෙරිකානු තානාපති කාර්යාලයේ රාජකාරි ආවරණය කරන්නේ එහි කනිෂ්ඨ නිලධාරිනියක් විසිනි.
ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කරන බලවත්ම ප්‍රධාන රටක තානාපති හා නියෝජ්‍ය තානාපති ධුර දෙකම මෙලෙස පුරප්පාඩු වීම විරල සිදුවීමකි.