ගයාන් ගාල්ලගේ l
එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය බලා සිටීමට නොහැකි පිරිස් අභූත චෝදනා නගමින් පක්ෂයට මඩ ගැසීම් සිදුකරන බව සංචාරක කටයුතු සහ ක්‍රිස්තියානු කටයුතු භාර අමාත්‍ය ජෝන් අමරතුංග මහතා දේශයට පැවසීය.
මෙවර ශ්‍රීල.නි.ප.ය දෙකට බෙදී ඇති නිසා එහි වාසියද එක්සත් ජාතික පක්ෂයට හිමිවන බව හෙතෙම සඳහන් කළේය.
කිසිදු බියකින් සැකයකින් තොරව ජනතාවට මෙවර ඡන්දය ප්‍රකාශ කළ හැකි බවත් ඒ සඳහා ආණ්ඩුවක් ලෙස උපරිම නිදහස ලබාදී ඇති බවත් කිසිදු අයකුට බලපෑම් නොකරන බවත් අමාත්‍යවරයා කීය.