2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

ජෝන් ඇමැති කියන සෙල්ලම් මෙදා පාර බෑ - උදය ගම්මන්පිල

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 139

ගයාන් ගාල්ලගේ l

රජයට කුමන බලයක් තිබ්බත් සැබෑ ජනතා බලය ඒකාබද්ධය සතු නිසා ඇමැති ජෝන් කියන ආකාරයේ සෙල්ලම් මෙදා පාර නොදැමිය හැකි බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා දේශයට පැවසීය.

වත්මන් රජය බලයට පැමිණියේ පොලිසියට දේශපාලන බලපෑම් ඇති බව කියාගෙන වුවත් වගකිවයුතු ඇමැතිලාගේ මෙවැනි ප්‍රකාශ හරහා කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැති උපහැරණය සනාථ බවද හෙතෙම සඳහන් කළේය.

19 වැනි සංශෝධනය හරහා ස්වාධීන පොලිස් කොමිසම් සභා පිහිටු වූවත් ඇත්තටම පොලිසිය පාලනය කරන්නේ කව්ද යන්න අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන බව ගම්මන්පිල මහතා කීය.