
I දේශපාලන වාර්තාකරු
ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීල.නි.ප.ය අතර පැවැති සාකච්ඡා සාර්ථක නොවූයේ කිසිවකුගේ බලපෑම නිසා නොව සිය මන්ත්‍රී කණ්ඩායමේ බහුතර තීරණය නිසා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශයට පැවසීය.
ඒ සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හිටපු ජනාධිපතිවරයාට බලපෑම් කළ බවට ආණ්ඩුවේ ශ්‍රීල.නි.ප. අමාත්‍යවරුන් නගන චෝදනාව ගැන දේශය ප්‍රශ්න කළ විට හිටපු ජනපතිවරයා කීවේ 1967 සිට දේශපාලනය කරනා තමා නාමල් මන්ත්‍රීවරයාගෙන් උපදෙස් ගන්නා දේශපාලන බබෙකු නොවන බවයි.
මැතිවරණයෙන් පසුව දෙපක්ෂය එක්වී ප්‍රාදේශීය සභා බලය පිහිටුවීමට කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දේශය ප්‍රශ්න කළවිට හිටපු ජනපතිවරයා කීවේ එය තීන්දු කළ යුත්තේ ශ්‍රීල.නි.ප. නායකත්වය මිස තමන් නොවන බවයි. තම කණ්ඩායම සතු ශක්තිය සහ ජනබලය මෙම ඡන්දයේදී කාට කාටත් බලාගත හැකි වනු ඇතැයිද රාජපක්ෂ මහතා පැවසීය.