I දේශපාලන වාර්තාකරු
ඒකාබද්ධ විපක්ෂය තුළ පළාත් පාලන නාමයෝජනා ලබාදීමේදී හටගත් ප්‍රශ්න හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) සමඟ ගනුදෙනු කිරීමට විශේෂ සන්ධානයක් සැකසීමට ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීන් තීන්දු කර ඇතැයි දේශයට වාර්තාවෙයි.
ඒ අනුව පොහොට්ටුව සමඟ ගනුදෙනු කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින ම.එ.පෙ., පිවිතුරු හෙළ උරුමය, ජා.නි.පෙ., කොමියුනිස්ට් හා සමසමාජ පක්ෂ ඇතුළු කණ්ඩායම් අටක් වෙනම සන්ධානගතව පොහොට්ටුව සමඟ දේශපාලන වශයෙන් ගනුදෙනු කිරීමට තීන්දු කළ බව එහි ජ්‍යෙෂ්ඨයෙක් දේශයට කීය.
නාමයෝජනා ලබාදීමේදී ඇතැම් පක්ෂ නායකයන් ඒකාබද්ධ විපක්ෂයේ මෙතෙක් සිටි ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මාගේ සැලකිල්ල දැක්වූ බව කියන මෙම පක්ෂ නායකයෝ තමන්ට කේවල් කිරීමේ බලය වැඩිකර ගැනීම පිණිස මෙම තීන්දුව ගත් බව කියති. මෙබඳු කවර ප්‍රශ්න තිබුණත් තමන්ගේ ඇතැම් සාමාජිකයන් ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට එක්වන බවට පැතිරෙන ආරංචි ඔවුහු ප්‍රතික්ෂේප කළහ.