2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

ආර්ථිකයේ අර්බුද ගණනක් - මහ බැංකුව

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

I යසවර්ධන රුද්රිගු

මෙරට ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනක් පිළිබඳ අර්බුදයක් හටගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකින් ප්‍රකාශ වේ.

විදේශ රැකියා කරන්නන් මෙරටට එවන මුදල් පසුගිය වසර හා සැසඳීමේදී සියයට 7.2ක පහළ යාමක් පෙන්නුම් කර තිබෙන බව එහි සඳහන්ය. පසුගිය වසරේ මුල් හය මාසය තුළ විදේශ රැකියා කරන්නන්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 3,613.1ක් ලැබුණද මෙම වසරේ එම කාලය තුළ ලැබී ඇත්තේ මිලියන 3,354.7ක් පමණි.

එසේම විදේශ වෙළෙඳාමෙන් සිදුව ඇති අලාභය මේ වසරේ මුල් හය මාසය තුළ පසුගිය වසරට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 4753.5 දක්වා සියයට 13.42කින් ඉහළ නැග තිබේ. විදේශ ආදායම පහළ වැටෙන පසුබිමක් තුළ විදේශ ණය ගැනීම් දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. 2016 වසරේ මුල් හය මාසය තුළ ගත් ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 520.3ක් වූ අතර මේ වසරේ එම කාලය තුළදී අමෙරිකානු ඩොලර් මිලියන 1,110.3ක ණය ලබාගෙන තිබේ. 2016 වසරට සාපේක්ෂව මුල් හය මාසය තුළ ණය වැඩිවීමේ ප්‍රතිශතය 113.4කි. මෙය දෙගුණයකටත් අධිකය.