2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

ආයෙමත් කෝච්චි ස්ට්‍රයික්? - දුම්රිය සේවා ඒකාබද්ධ පෙරමුණ

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

l ගයාන් ගාල්ලගේ

ඇමැති අනුකමිටුව හරහා ලබාදුන් තීන්දුව බලාත්මක කළහොත් අඛණ්ඩ වර්ජනයක් ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ ලේකම් සම්පත් රාජිත මහතා දේශයට පැවසීය.

පසුගියදා වර්ජනයේ නියුතු වෘත්තීය සමිති සමඟ කැබිනට් අනුකමිටුව සිදුකළ සාකච්ඡාවේදී ලබාගත් තීන්දු ඉවත් කරගන්නා ලෙසත් දුම්රිය සහායකවරු බඳවා ගැනීම නිසි පරිදි සිදුකරන ලෙසත් සාමාන්‍යාධිකාරිවරයාගෙන් ඉල්ලීම් කළ බව හෙතෙම සඳහන් කළේය.

එම ඉල්ලීමට ප්‍රතිචාර නොලැබුණහොත් ජනවාරි මාසයේ අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව සම්පත් රාජිත මහතා කියයි.