
l දේශපාලන වාර්තාකරු
ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පක්ෂවලට නාමයෝජනා ලබාදීමේදී බැසිල් රාජපක්ෂ මහතා සාධාරණය ඉටු නොකරන බවට එම හවුලට සම්බන්ධ පක්ෂ අටක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කර තිබේ.
මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය සහ දේශවිමුක්ති ජනතා පක්ෂය මෙම පැමිණිල්ල කර ඇත.
පැමිණිල්ල ඉදිරිපත් කළ පාර්ශ්ව සඳහන් කරන්නේ පළාත් පාලන ඡන්දය සඳහා ඒකාබද්ධයේ නාමයෝජනා ලබා දීමේදී බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටු කණ්ඩායමට වැඩි කෝටාවක් වෙන්කර සෙසු පක්ෂවලට අසාධාරණයක් කර ඇති බවයි.
හිටපු ජනාධිපතිවරයාට මෙම පැමිණිල්ල ලැබුණ පසු ඔහු එම ප්‍රශ්නය විසඳීම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු වන කුමාර් වෙල්ගම සහ සී.බී. රත්නායක යන මහත්වරුන් පත් කළේය.
ඒ දෙදෙනා පසුගිය සිකුරාදා දිස්ත්‍රික් මට්ටමින් නාමයෝජනා ලබාදීමේදී සිදුවූ අසාධාරණකම් තිබේද යන්න ගැන විමර්ශනයක් ආරම්භ කළහ.