2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

තනි යූ.එන්.පී. ආණ්ඩුවකට මේ ඡන්දය පෙරහුරුවක්

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 41

I ගයාන් ගාල්ලගේ

2020 දී එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් සෑදීම සඳහා එළඹෙන පළාත් පාලන මැතිවරණය හොඳ ආරම්භයක් වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

මෙම මැතිවරණයේදී ශ්‍රීලනිපයත්, පොහොට්ටුවත් එක්වුණා හෝ නැතුව හෝ එජාපයේ ජයග්‍රහණය නවතාලන්නට නොහැකි බවද අමාත්‍යවරයා කීය.

මෙවර එක්සත් ජාතික පක්ෂය සමඟ පක්ෂ කිහිපයක් එකතු වන බවත් එනිසා එක්සත් ජාතික පෙරමුණෙන් තරගවදින බවද හෙතෙම සඳහන් කළේය. ඒ සඳහා තරුණ පිරිස් මෙන්ම පැරුණි එක්සත් ජාතික පාක්ෂිකයෝද සූදානමින් සිටිතියි අමාත්‍යවරයා පැවසීය.