
l සංජීවිකා සමරතුංග
යෝජිත පළාත්වල මැතිවරණය 2018 පෙබරවාරි මස 10 දින පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගියදා සිදුකරන ලද සීමා නීර්ණය කිරීම්වලට හසුනොවූ උතුරේ කරෙයි තුරෙයිපත්තු හා පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය සභා දෙකේ මැතිවරණය පැරණි ඡන්ද ක්‍රමයටත් දිවයිනේ සෙසු සියලු ප්‍රාදේශීය සභාවල ඡන්දය නව මැතිවරණ ක්‍රමයටත් පැවැත්වීම මැතිවරණ කොමිසමේ සැලසුම බව සඳහන් වෙයි. ඉහත ප්‍රාදේශීය සභා දෙකේ සීමා නීර්ණය කිරීමට එම කමිටුවට නොහැකි වූයේ ඒවායේ මැතිවරණ ප්‍රකාශයට පත්කොට ඡන්ද කල්දමා තිබූ බැවිනි.