I ගයාන් ගාල්ලගේ
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ගැන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා දේශයට පැවසීය.
පසුගියදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පොලිස් කොමිසමට යොමුකළ ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමසා සිටියදී ඔහු එලෙස කීය.
කිසිදු අයුරකින් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට කොමිසමට බලයක් නොමැති බවත් එහෙත් සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් කළ යුතුදේ කොමිසමේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා කොට තීරණයක් ගන්නා බවත් ලේකම්වරයා සඳහන් කළේය.