
දේශපාලන වාර්තාකරු l
ඉන්දියාව ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරකු ලෙස සිය ආයෝජන සඳහා ශ්‍රී ලංකාවෙන් නිසි ප්‍රමුඛතාව අපේක්ෂා කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.
පසුගියදා ඉන්දියාවේ සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නවදිල්ලියේ හයිද්‍රාබාද් මන්දිරයේදී හමුවූ ඉන්දීය නායකයා මෙම දැනුම්දීම කර ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි. සාකච්ඡාවේදී දෙරටේ ආර්ථික සබඳතා තරකර ගැනීම ගැන පුළුල් අවධානයක් දක්වා තිබේ. එසේම උතුරු නැගෙනහිර හා වතුකරයේ ඉන්දීය ව්‍යාපෘති ගැනද අදහස් හුවමාරු කරගෙන ඇත.
සාකච්ඡාව අවසානයේ තමන් ඉතා ඉක්මණින් නැවත වරක් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ අගමැතිට දැනුම් දුන් බවද සඳහන් වේ.