
l ගයාන් ගාල්ලගේ
විවිධ පදනම් විරහිත නීති තර්ක මතු කරමින් පළාත් පාලන ඡන්දය සම්බන්ධව නඩු පවරන්නේ ඡන්දයට බය පුද්ගලයන් බව මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (දේශයට) පැවසීය.
මෙලෙස නඩු පවරා ඇතැම් පිරිස් ඡන්දය කල් දමන්නට උත්සාහ කරන බවත් ඔවුන්ට පැවසීමට ඇත්තේ ජනතාවට බොරු නොකර ඡන්දය පවත්වන ලෙස බවත් හෙතෙම සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ඡන්දයට සූදානම් වී සිටී. එබැවින් තම පක්ෂය සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඡන්ද සටනට පැමිණෙන ලෙස යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.