2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

තෙල් අර්බුදයේ ඇමැති කමිටු වාර්තාව අඟහරුවාදා

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

I සංජීවිකා සමරතුංග

සතියක පමණ කාලයක් තිස්සේ රට පුරා ඉන්ධන හිඟයක් ඇති වී තෙල් අර්බුදයක් හටගැනීමට හේතු සොයා බැලීමට පත් කළ අමාත්‍ය කමිටුවේ වාර්තාව ලබන අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන බව එම ඇමැති කමිටුවේ ප්‍රකාශකයෙක් දේශයට කීය.

එම වාර්තාව මගින් තෙල් හිඟයට වගකිවයුත්තන් කවුදැයි අනාවරණය කෙරෙන අතර මින් ඉදිරියට රටේ ඉන්ධන හිඟයක් ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැන නිර්දේශ ද ඉදිරිපත් කෙරේ.

පසුගියදා ඇමැති කමිටුව තෙල් සංස්ථාව හා තෙල් පිරිපහදුව පරීක්ෂා කළ අතර අතිරික්ත තෙල් තොග පවත්වාගෙන නොයාම හා අවශ්‍ය අවස්ථාවේදී ඉන්ධන ප්‍රමාණවත් ලෙස මිලදී නොගැනීමට අදාළ බලධරයන් ගැන විශේෂ විමර්ශනයක් සිදු කළේය.