2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

පාර්ලිමේන්තුව මහ නගර සභා තුනකට අයිතිලු!

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

I සංජීවිකා සමරතුංග

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණ ගොඩනැගිල්ල හා පාර්ලිමේන්තුව පිහිටි භූමිය මහ නගර සභා තුනකට අයත් වන බව බස්නාහිර සංවර්ධන හා මහ නගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා අමාත්‍ය මණ්ඩලයට පෙන්වා දී තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් කොටසක් කෝට්ටේ මහ නගර සභාවටත් තවත් කොටසක් කඩුවෙල මහ නගර සභාවටත් තවත් කොටසක් මහරගම මහ නගර සභාවටත් අයිති බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත. මෙය ඉතා පුදුමසහගත තත්ත්වයක් යැයි පවසන අමාත්‍ය රණවක පාර්ලිමේන්තුව පිහිටි භූමිය සම්බන්ධව වෙනම සීමා නිර්ණයක් සිදුකර එය ස්වාධීන පරිපාලන ඒකකයක් බවට පත් කළ යුතු යැයි ද පෙන්වා දී ඇත.