2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

හදිසි කැබිනට් වෙනසක්?

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1264

පුටු මාරුව ගැන හැමෝම සෙවිල්ලෙන්

දේශපාලන වාර්තාකරු l

අමාත්‍ය මණ්ඩලයේ හදිසි සංශෝධනයක් සිදුකිරීමට ඉඩ ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු රජයේ ආරංචි මාර්ගවලින් පැවසෙයි. මෙම සංශෝධනයේදී රජයේ ඉහළම පෙළේ තනතුරු ගණනාවක් වෙනස්වනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

දැනට පවත්නා දේශපාලන තත්ත්වය හා මැතිවරණ ගැන සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

විශේෂයෙන් බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගයේදී අනාවරණය වී ඇති කරුණු මෙන්ම ජාතික ආර්ථිකයේ හටගෙන තිබෙන ගැටලු සහගත තත්ත්වය සමනය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි  වැඩිදුරටත් වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් එ.ජා.ප.යට ද දැනුම් දී තිබෙන බව එකී ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00