
සංජීවිකා සමරතුංග l
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උතුරේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට නොහැකි වන්නේ නම් එහිදී ඉන්දියාව මැදිහත්කරුවකු ලෙස සම්බන්ධවීමට අදහස් කරන බව කොළඹ සිටින ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතා පැවසීය.
මහකොමසාරිස්වරයා එම ප්‍රකාශය කළේ පසුගියදා දෙමළ මාධ්‍ය පුවත්පත් කතුවරුන් සිය නිල නිල නිවසේදී හමුවූ අවස්ථාවේදීය. ව්‍යවස්ථා ප්‍රශ්නය ගැන ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි රජය ඉතාමත් සංවේදීව සිටින බවත් අවශ්‍ය මොහොතේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්කරුවකු ලෙස ක්‍රියාකිරීමට සූදානම් බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ව්‍යවස්ථා ප්‍රශ්නය සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් බැහැදැක සාකච්ඡා කිරීමට ද තමන් අපේක්ෂා කරන්නේයැයි මහකොමසාරිස්වරයා අවධාරණය කළේය.