
ව්‍යාපාරික වාර්තාකරු l
කලම්බු පවර් පෞද්ගලික සමාගමට අයත්ව තිබූ වසර 15ක් පමණ පැරැණි විදුලි බලාගාරයක් එම සමාගම නියම කළ මිලටම ලංකා විදුලිබල මණ්ඩලය මිලදී ගෙන ඇතැයි එහි වෘත්තීය සංගම් චෝදනා කරයි.
ශ්‍රී ලංකා විදුලිබල පනතේ 43 වගන්තිය අනුව මෙගාවොට් 25කට වැඩි ධාරිතාවකින් යුත් බලාගාර ටෙන්ඩර කැඳවීමකින් තොරව මිලදීගත නොහැකිය. එහෙත් මෙගාවොට් 60 ධාරිතාවකින් යුත් මෙම බලාගාරය මිලදී ගැනීමේදී කිසිදු ටෙන්ඩර කැඳවීමක් කර නැතැයි වාර්තාවේ. ඒ සඳහා විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 694ක් ගෙවා ඇති බවද වෘත්තීය සංගම් පවසති.
බලාගාරය මිලදී ගැනීමට පෙර ඒ ගැන සක්‍යතා අධ්‍යයනයක් කළ ඉංජිනේරු කමිටුව ස්වාධීන තක්සේරු වාර්තාවක් ලබාගන්නා ලෙස කළ නිර්දේශයද අදාළ බලධරයන් නොසලකා හැර ඇතැයි එම සංගම් වැඩිදුරටත් කියති.
බලාගාරය අලුත්වැඩියා කිරීමට ඩොලර් ලක්ෂ හයක් පමණ වැයවෙතැයි එම කමිටුව නිර්දේශ කර තිබිණි. ඒ සියල්ල නොතකා මෙම පෞද්ගලික බලාගාරයේ සේවකයන්ද සමඟ එය මිලදී ගැනීම පුදුම සහගත ගනුදෙනුවක් බවද වෘත්තීය සංගම් පවසයි.