2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

ශ්‍රීලනිප - ඒකාබද්ධ පෙරමුණකට අලුත් කොන්දේසි

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

දේශපාලන වාර්තාකරු l

ඉදිරි පළාත් පාලන මැතිවරණය පොදු ලකුණක් යටතේ තරග කිරීම සඳහා ශ්‍රීල.නි.ප.ය හා ඒකාබද්ධ විපක්ෂය යෝජනා තුනක් ගැන අදහස් හුවමාරු කර ගනිමින් සිටින බව දේශයට වාර්තා වෙයි.

ජනාධිපතිවරයා පසුගිය සිකුරාදා කැඳවූ ශ්‍රීල.නි.ප. මන්ත්‍රීන්ගේ රැස්වීමට මහින්ද පිලේ සාමාජිකයන් සහභාගි නොවූවත් මෙම යෝජනා සම්බන්ධ කතාබහ ඉදිරියටම යන බව දෙපක්ෂයේම ජ්‍යෙෂ්ඨයෝ පවසති.

ඒ අනුව සලකා බැලෙන යෝජනා තුන වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කණ්ඩායම් දෙක තරග කිරීම එසේත් නැතිනම් පොදුජන එක්සත් පෙරමුණින් තරග කිරීම හෝ නිතරග ගිවිසුමක් යටතේ අපේක්ෂකයන් බෙදාගෙන තරග කිරීම යන යෝජනාය.

මෙම යෝජනා ගැන දෙපක්ෂයේ නායකයන්ගෙන් මූලික එකඟතාවක් ලැබී ඇති බැවින් ඉක්මණින් අවසන් තීන්දුවක් ගත හැකිවෙතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.