2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

දේශීය ආර්ථිකයට බජට් එකෙන් තල්ලුවක් - නියෝජ්‍ය අැමැති හර්ෂ

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

I ගයාන් ගාල්ලගේ

දැනුම් ආර්ථිකයකට මුල්තැන දී දේශීය ආර්ථිකය ඉහළ නංවන අයවැයක් මෙවර රටට හඳුන්වා දෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා දේශයට පැවසීය.

මෙවර අයවැය 2025 ආර්ථික දැක්ම කේන්ද්‍ර කරගනිමින් සිදුකරන බවත් විශේෂයෙන් ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවා රට සංවර්ධනයක් කරා රැගෙන යාම මූලික අරමුණ බවත් හෙතෙම සඳහන් කළේය.

ජනතාව බඩුමිල අඩුවීම වැනි කාරණා අයවැයකින් බලාපොරොත්තු වුණත් රජයේ අරමුණ ජනතාව ආර්ථික තත්ත්වයෙන් ශක්තිමත් කොට අතමිට මුදල් ගැවසෙන පිරිසක් බිහිකිරීමට බව අමාත්‍යවරයා කීය.