
සකීෆ් සාම් තන්වීරි l
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණේත් දෙමළ ජාතික සන්ධානයේත් පක්ෂ අතර අපේක්ෂකයන් බෙදාගැනීම සම්බන්ධයෙන් අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තා වෙයි.
අපේක්ෂකයන් බෙදාගැනීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇති නොවුණොත් සන්ධාන දෙකෙන් ඇතැම් පක්ෂ ඉවත් වී ස්වාධීනව තරග කිරීමට සූදානමින් සිටින බව ද සඳහන් වෙයි. මෙම අර්බුදය හටගෙන ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධාන පක්ෂය වන එජාපය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අතරත් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන තමිල් අරසු කට්චි හා ටෙලෝ පක්ෂය අතරත්ය. මුස්ලිම් කොංග්‍රස මහලේකම් නිසාම් කාරියප්පර් සහ ටෙලෝ පක්ෂ නායකයා සෙල්වම් අඩෙයිකලනාදන් පෙන්වා දුන්නේ තම පක්ෂවල ඡන්ද පදනමට සාපේක්ෂ අපේක්ෂ සංඛ්‍යාවක් තමන්ට ලබා නොදෙන්නේ නම් සන්ධානයෙන් ඉවත් වී සවාධීනව තරග කිරීමට එම පක්ෂය කටයුතු කරන බවයි.
එජාප ආරංචි මාර්ග පවසන්නේ එක්සත් ජාතික පෙරමුණේ හටගෙන තිබෙන මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට විශේෂ රැස්වීමක් මේ සති අන්තයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වීමට නියමිත බවයි.