2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

අයවැයෙන් භාණ්ඩ 5 ක මිල බස්සයි!

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 440

I සංජීවිකා සමරතුංග

2018 අය වැය ලේඛනයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 5ක පමණ මිල ගණන් අඩු කෙරෙනු ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග පවසයි. මෙම භාණ්ඩ දැනට රජයේ මිල පාලනයට යටත් කර ඇති භාණ්ඩ වර්ග බවද කියැවෙයි.

මේ හැර සී.සී 1000ට අඩු කාණ්ඩයේ කුඩා වාහන වර්ගවල මිල ඉතා සුළු වශයෙන් අඩුවීමට ඉඩ ඇතැයිද කියවේ. බොහෝවිට වාහන සඳහා නියම කෙරෙන බදු ඉදිරියේදී කිසියම් මිල සූත්‍රයක් අනුව අය කෙරෙනු ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් දේශයට පැවසීය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නොවැම්බර් මස 9 දා ඇය-වැය මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිතය.