
I දේශපාලන වාර්තාකරු
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර දේශපාලන එකඟතාවක් ඇති කිරීමට පිළිගත් නායක හිමිවරුන් තිදෙනකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට දෙපක්ෂයේම ජ්‍යෙෂ්ඨයන් පිරිසක් තීරණය කර තිබේ.
මේ ගැන ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීන් කිහිපදෙනකු රජයේ ජ්‍යෙෂ්ඨ ශ්‍රීල.නි.ප. අමාත්‍යවරුන් ගණනාවක් සමඟ පවත්වන ලද සාකච්ඡා සාර්ථක වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.
විශේෂයෙන් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා ඇතිවිය හැකි අර්බුදකාරී තත්ත්වයන් සමනයට ශ්‍රීල.නි.ප.ය එක මතයක පිහිටා සිටීම ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නයක් සේ සලකා මෙම නායකයන් සමඟි විය යුතු බව මේ ගැන යෝජනාව ඉදිරිපත් කළ දෙපක්ෂයේ ප්‍රධානීන්ගේ අදහස වී ඇත.
සමගි සන්ධාන කටයුත්ත දියත් කිරීම පිණිස දිවයිනේ පිළිගත් නායක ස්වාමීන් වහන්සේලා තුන් නමක් තෝරා ගැනීමට ළඟදීම තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිතය. පසුගිය සතියේ මෙම කාර්යය සම්බන්ධව රජයේ ජ්‍යෙෂ්ඨ ශ්‍රීල.නි.ප. අමාත්‍යවරුන් ගණනාවකගේ කාර්යාලවලදී ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හමුවූ බව නම් සඳහන් කිරීමට අකමැති වූ ජ්‍යෙෂ්ඨ ශ්‍රීල.නි.ප. අමාත්‍යවරයෙක් දේශයට කීය.