
I ගයාන් ගාල්ලගේ
සයිටම් ආයතනය වසා දැමිය යුතු යැයි ඉල්ලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වසර ගණනාවක් පන්ති වර්ජනය කළත් කිසිදා එම ආයතනය වසා නොදමන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දේශයට පැවසීය.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට රටේ ප්‍රතිපත්ති සැකසීමට කිසිදු බලයක් නොමැති බවත් එම බලය ඇත්තේ රජයට බැවින් රජය කෝටි ගණන් වැයකොට නොමිලේ ලබාදෙන අධ්‍යාපනය හැදෑරීම ඔවුන්ට ඇති එකම අයිතිය බවත් අමාත්‍යවරයා කීය.
විශේෂයෙන් වෛද්‍යවරුන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ව යොදාගෙන සිය අරමුණු ඉටුකරගන්නා බවත් ශිෂ්‍යයන් ඒ පටු අරමුණු වලට අසු නොවී කටයුතු නොකළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
මේ රජය ඉදිරියට සයිටම් වැනි ප්‍රමිතියෙන් යුත් තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසීය.