2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

මහ නා හිමිවරුන් හමුවීමට ශ්‍රී.ල.නි.ප එ.ජ.ප කණ්ඩායම් 02 ක්

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44

I ගයාන් ගාල්ලගේ

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු සාකච්ඡා කිරීම  සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමති කණ්ඩායම් දෙකක් මහානායක හිමිවරුන් හමුවීම සඳහා සූදානම්ව සිටිති.

මෙම කණ්ඩායම් දෙක අවස්ථා දෙකකදී නායක හිමිවරුන් හමුවීමට තීරණය කර ඇති අතර එහිදී ව්‍යවස්ථාවේ ඇති ගැටලු ගැන සාකච්ඡා කිරීමටත් එසේම ඒ සඳහා විකල්ප ලබා ගැනීමටත් තීරණය කර තිබේ.

විශේෂයෙන් නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැතිරෙන අසත්‍ය ප්‍රචාර සහ කටකතා සම්බන්ධයෙන් මෙහිදී මහානායක හිමිවරුන් දැනුම්වත් කරන බව එම කණ්ඩායම් දෙකේ සාමාජිකයන් දෙදෙනෙක් සඳහන් කළහ.