2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

අලුත් ඡන්දෙන් ප්‍රා සභා කඩා වැටේ - චම්පික රණවක

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

I සංජීවිකා සමරතුංග

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු පිහිටුවන ප්‍රාදේශීය සභාවලින් සීයට පනහකවත් ස්ථාවර පාලනයක් ගෙනයා නොහැකි බව අමාත්‍ය චම්පික රණවක මහතා දේශයට පැවසීය.

මෙයට හේතුව යෝජිත මැතිවරණ ක්‍රමය බව පැවසූ අමාත්‍ය රණවක රටක පාලනය පවත්වාගෙන යාමට ප්‍රජාතන්ත්‍රවාදය පුළුල්වීම පමණක් මදි යැයිද දේශයට පැවසීය.

ඒ සඳහා දේශපාලන ස්ථාවරය ඉතා වැදගත්යැයි හෙතෙම සඳහන් කළේය.

මෙම මැතිවරණ ක්‍රමයෙන් යෝජිත මන්ත්‍රීන් තෝරා ගැනීමේ පිළිවෙත අනුව අවශ්‍ය කෙනකුට ප්‍රාදේශීය සභා මන්ත්‍රීධූරය විකුණා මුදල් ලබාගන්නට හොඳ අවස්ථාවක් විවෘත වන බවද අමාත්‍යවරයා කීය.

එබැවින් පළාත්වල ඡන්දය හමාර වී මෙම මැතිවරණ පනත වහා සංශෝධනය නොකළොත් ප්‍රජාතන්ත්‍රවාදය විකෘති වී යනු ඇතැයි ඇමතිවරයා අනතුරු අඟවයි.