
I ජේ.ඒ.එල්. ජයසිංහ
මහනුවර නගර මධ්‍යයේ හන්තාන සුන්දර පරිසරයක පිහිටා තිබෙන රුපියල් කෝටි 200කට අධික වටිනාකමකින් යුත්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අක්කර 100කට අධික ඉඩම් වලින් වටිනාම ඉඩම් කොටස් ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයකු සහ ප්‍රාදේශීය දේශපාලනඥයකු මැදිහත් වී ඉතා සූක්ෂම ලෙස කෝටිපති ව්‍යාපාරිකයන් මාර්ගයෙන් අත්පත් කර ගැනීමේ කූඨ ව්‍යාපාරයක් දියත් කර ඇතැයි හන්තාන ප්‍රදේශයේ පදිංචි ජනතාව පවසති.
මෙම වටිනා ඉඩම් සඳහා බොහෝවිට ව්‍යාජ ලේඛනද සකස් කරගෙන යන බවත්, ඉඩම් කැබලිකර ධනවත් ව්‍යාපාරිකයන්ට විකිණීමේ සූක්ෂම වැඩපිළිවෙළක් දියත් වෙමින් තිබෙන බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ඉඩම් පිළිබඳව වගකීම් පැවරෙන ඇතැම් රාජ්‍ය නිලධාරීන්ටද ප්‍රබල දේශපාලනඥයා විසින් බලපෑම් එල්ලකර තිබෙන බව කියැවේ. මෙම ඉඩම්වලට හිමිකරුවන් ඇති බව පෙන්නුම් කිරීම සඳහා දැනටමත් ව්‍යාජ ලේඛන සකස් කර ඉදිරිපත් කර ඇති බවද පවසන ප්‍රදේශයේ ජනතාව හන්තාන පරිශ්‍රයේ පිහිටා තිබෙන රජය සතු ඉතා වටිනා මෙම ඉඩම් ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිති.
දැනටමත් හන්තාන පරිසරය සුරුකීමේ සංවිධානය මගින් මෙම ඉඩම් කොල්ලය පිළිබඳව රජයේ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.