2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

පුංචි ඡන්දය තවත් කල්යයි

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

I සංජීවිකා සමරතුංග

ජනවාරි මස 20 වැනි දින පැවැත්වෙතැයි අපේක්ෂ කළ පළාත් පාලන මැතිවරණය නැවතත් කල්දැමීමට රජය තීන්දු කළේය.

මේ සතියේ අමාත්‍ය මණ්ඩලයට මේ ගැන කරුණු දැක්වූ විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පසුගියදා ප්‍රකාශයට පත්කළ සීමා නිර්ණය ගැසට් පත්‍රයේ ඇතැම් ප්‍රාදේශීය සභා සීමා ගැන සුළු පක්ෂ කිහිපයක් ප්‍රශ්න මතුකර ඇති බැවින් ඒවා ගැන නිවැරදි කොට නැවතත් නීති සංශෝධනය කළ යුතු නිසා ජනවාරියේ ඡන්දය තැබිය නොහැකි බව පවසා ඇත. දිගින් දිගටම ඡන්ද කල්යෑම ගැන ඇතැම් ඇමැතිවරුන් අසතුට පළකර ඇතත් මෙම ප්‍රශ්නය විසඳීමට ඡන්ද කල්දැමීම හැර වෙනත් විකල්පයක් නැතැයි ඇමැති මුස්තාෆා කියා තිබේ.

දැනට ලැබී තියෙන ආරංචි අනුව පළාත් පාලන මැතිවරණය මැයි මාසයේ පැවැත්වෙනු ඇතැයි කියවේ.