2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

මණ්ඩලේ වැටුප් එක්කම ලයිට් බිලත් ඉහළට

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 200

සංජීවිකා සමරතුංග |

විදුලි ගාස්තු ඉහළ නැංවීම ගැන මුදල් අමාත්‍යංශය - විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය හා ලංකා විදුලි බල මණ්ඩලීය අභ්‍යන්තර තිබෙන සාමූහික ගිවිසුමක් අනුව 2018 ජනවාරි සිට විදුලි ගාස්තුව ඉහළ දැමීමට තීරණය කර ඇත.

ගිවිසුම අනුව ඉහළ දැමෙන විදුලි ගාස්තු ප්‍රතිශතය 10%කි. විදුලිය ඒකක මට්ටමින් ගණන් බැලුවහොත් එක් විදුලි ඒකකයක මිල රුපියල් 1.60කින් පමණ ඉහළ යනු ඇතැයි දැනගන්නට තිබේ.

මෙම විදුලිය ගාස්තු 10%කින් ඉහළ දැමීමට සාපේක්ෂව 2018 සිට විදුලි බල මණ්ඩලය සේවකයන්ගේ වැටුප 25%කින් ඉහළ දැමිය යුතු යැයිද අදාළ ගිවිසුමේ සඳහන්ය. විදුලි බල හා මුදල් අමාත්‍යංශ ලේකම්වරුන්ද මෙකී ගිවිසුමට අත්සන් තබා ඇත