2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

විග්නේෂ්වරන්ට එරෙහිව ශ්‍රීපවන්?

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

දේශපාලන වාර්තාකරු |

දෙමළ ජාතික සන්ධානය හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අතර පවත්නා අභ්‍යන්තර දේශපාලන අර්බුදය උග්‍රවීමෙන් පසු ඉදිරි උතුරු පළාත් සභා මැතිවරණයේ මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි හිටපු අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතාට දෙමළ ජාතික සන්ධානය ආරාධනා කර ඇත.

පසුගියදා හිටපු අගවිනිසුරු ශ්‍රී පවන් මුණගැසුණු දෙමළ ජාතික සන්ධාන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී පිරිසක් ඔහුට මෙම ආරාධනය සිදුකර තිබේ. එහෙත් ශ්‍රී පවන් මහතා මෙතෙක් සිය අවසන් තීරණය ප්‍රකාශ කර නැත.

දැනට උතුරේ මහ ඇමැති පදවිය දරන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරන් මහතා ඉදිරි පළාත් සභා ඡන්දයේදී වෙනම සන්ධානයකින් මැතිවරණයට තරග කිරීමට සැලසුම් කරමින් සිටී. එබැවින් ඔහුට තරගයක් ලබාදීමට උතුරේ ඉමහත් පිළිගැනීමක් ඇති හිටපු අගවිනිසුරැවරයා ඉදිරිපත් කිරීම දෙමළ සන්ධානයේ සැලසුමයි.

හිටපු අගවිනිසුරු ශ්‍රී පවන් මහතා විශ්‍රාම ලැබීමෙන් පසු බැංකු සහ තවත් පෞද්ගලික ආයතන කිහිපයක උසස් පදවි ගණනාවක් දරමින් සිටී.