
සකීෆ් සාම් තන්වීරි |
ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ නියෝග ඇතුළත් මැතිසබය සම්මත කළ පනත් කෙටුම්පත විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත භාරදීම පසුගිය සිකුරාදා සිදුවිය.
ඉකුත් 11 වැනිදා පාර්ලිමේන්තුවේදී සංශෝධනය වූ ප්‍රාදේශීය සභා, නගර සභා හා මහනගර සභා ආඥා පනත්වලට කතානායක කරු ජයසූරිය මහතා විසින් බ්‍රහස්පතින්දා අත්සන් තබනු ලැබීය. එම පනත්වලට අත්සන් තැබීමෙන් අනතුරුව පළාත් පාලන ආයතන සභික ධූර සංඛ්‍යාව ද සිකුරාදා දින ගැසට් කරනු ලැබීය.
මැතිවරණ ක්‍රමය සංශෝධනය වීමෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට පැවරුණු සියලු වගකීම් කෙටුම්පත භාර දීම හා සභික ධූර සංඛ්‍යාව ගැසට් කිරීමත් සමඟ අවසන් විය. ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ ඉදිරි බලතල සියල්ල සිකුරාදා සිට මැතිවරණ කොමිසමට පැවරී ඇත.
මේ මස අගදී පළාත් පාලන ඡන්දයට අදාළ නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය කොමිසම විසින් නිකුත් කිරීමට නියමිත යැයි ද නාම යෝජනා කැඳවා දින 75කින් එනම් ජනවාරි මස අවසන් සතියේ මැතිවරණය පැවැත්වීමට නියමිත යැයි ද වාර්තා වෙයි.