
I සංජීවිකා සමරතුංග
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සපයන ආධාර වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙනයාමට නම් ඉන්ධන හා විදුලිය ගාස්තු සඳහා නව මිල සූත්‍ර ලබන වසරේ හඳුන්වාදිය යුතුයැයි මූල්‍ය අරමුදල රජයට දැනුම් දුන්නේය.
2018 මාර්තු මස තෙල් මිල සූත්‍රයත් 2018, සැප්තැම්බර් මස ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු බවටද මූල්‍ය අරමුදල වැඩිදුරටත් දැනුම් දී තිබේ.
මේ දිනවල අමෙරිකාවේ ටොෂින්ටන් නගරයේදී මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධව රැස්වීමක් පැවැත් වෙයි. 2018 වසරේ අපට සපයන ණය මුදලේ සිව්වැනි වාරිකය නිකුත් කිරීමට පෙර මෙම මිල සූත්‍ර අවශ්‍ය බව මූල්‍ය අරමුදලේ මතයයි.