2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

මධ්‍යම අධිවේගය කුරුණෑගලින් ඉවරයි?

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 121

I ගයාන් ගාල්ලගේ

ඉදිකිරීමට යෝජිත මධ්‍යම අධිවේගී මාර්ගය මහනුවරට නොගොස් කුරුණෑගලින් අවසන් කිරීමට රජය තීරණය කර ඇතැයි නම් සඳහන් කිරීමට අකමැති වූ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් දේශයට කීය.

එලෙස කුරුණෑගලින් අවසන් කරන අධිවේගය එතැන් පටන් මහනුවර දක්වා මංතීරු හතරක් යටතේ ප්‍රධාන මාර්ගයක් ලෙස සැකසීමට මෙහිදී තීරණය වී ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා අධිවේගය සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් සමඟ බව ආරංචි මාර්ග පවසයි. එසේම ඉන්පසු කිසිදු අධිවේගයක් නැවත ඉදි නොකිරීමටද රජය තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

රජයේ ඇමැතිවරුන් ගණනාවක් අධිවේගී මාර්ගය කුරුණෑගලින් නතර කළ යුතු බව මෙයට පෙර යෝජනා කර තිබිණි.