2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

නාවික හමුදාව එපා කී රුසියානු යුද නැව ගන්න අනුමැතිය

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 184

| දේශපාලන වාර්තාකරු 

අමෙරිකානු ඩොලර් මිලියන 158 ක් පමණ වටිනා රුසියානු යුද නැවක් මිල දී ගැනීමට පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. මේ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

පසුගිය රජය විසින් රුසියාව සමඟ අත්සන් කළ ණය ගිවිසුමක ඉතිරි මුදලින් නැව මිල දී ගන්නා නමුත් ඒ සඳහා රජය විධිමත් ටෙන්ඩර කැඳවීමක් නොකළ බවට චෝදනා එල්ල විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව ද මෙම නැව දැනට අවශ්‍ය නොවන බවට නිර්දේශ කර තිබූ බව වාර්තා විය.

මේ හේතු නිසා වසර 10 ක් පමණ පැරැණි මෙකී යුද නැව මිලට ගැනීමට පෙර ඒ ගැන විමර්ශනයකට කැබිනට් ඇමැති කමිටුවක් පත් කළ යුතු යැයි ඇමැති මංගල සමරවීර මහතා කැබිනට්ටුවේ දී යෝජනා කළ නමුත් එවැනි කමිටුවක් අනවශ්‍ය බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළැයි සඳහන්ය.