2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

පළාත් සභා ඡන්දයට අලුත් යෝජනා

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

I සංජීවිකා සමරතුංග

පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් පළාත් පාලන සභා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා දේශපාලන පක්ෂවලට යෝජනා දෙකක් ඉදිරිපත් කර ඇත.

පසුගිය බදාදා දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ අමාත්‍යවරයා අතර පළාත් සභා මැතිවරණ පැවැත්වීම ගැන පැවතී සාකච්ඡාවකදී අදාළ යෝජනා ඉදිරිපත් කරන ලද බව වාර්තා වෙයි.

ඒ අනුව පසුගියදා කල්දමන ලද පළාත් සභා තුනේ (උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර) පමණක් ඡන්ද කඩිනමින් පැවැත් විය යුතු යැයි දේශපාලන පක්ෂ අදහස් කරන්නේ නම් එම ඡන්ද තුන ලබන මාර්තු මස වනවිට පැවැත්විය හැකි බව ඇමැතිවරයා සඳහන් කර තිබේ.

එහෙත් සියලුම පළාත් සභාවල මැතිවරණ එක දිනක පවත්වන්නේ නම් පළාත් සභා ඡන්ද ලබන වසරේ (2018) දෙසැම්බර් තෙක් පැවැත් විය නොහැකි බවද ප්‍රකාශ කර ඇත. මෙම යෝජනා සම්බන්ධව දේශපාලන පක්ෂවල මතය අමාත්‍යවරයාට දැනුම් දෙන්නැයි එම රැස්වීමේදී ප්‍රකාශ කර ඇත