
| යසවර්ධන රුද්රිගු
විවෘත වෙළෙඳපොළේ පොල් සඳහා පවතින්නේ කළුකඩ මිලක් බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා දේශයට පැවසීය.
ඔහු පවසන්නේ පොල් වෙන්දේසියේ මිල ගණන් අනුව පොල් ගෙඩියේ මිල තීරණය විය යුතු බවය.
අද පොල් වෙන්දේසියේ කිලෝවක මිල රුපියල් 49 වන බව පවසන හේ පොල් කිලෝවක් සඳහා ගෙඩි 2.2ක් අවශ්‍ය බව පෙන්වා දෙයි. ඒ අනුව පොල් වෙළෙඳාමේදී තොග සහ සිල්ලර වෙළෙන්දන් ගෙඩියකින් රුපියල් 10 බැගින් ලාභ ලැබුවත් ගෙඩියක මිල රුපියල් 50 අඩුවිය යුතු බව ඔහු අවධාරණය කරයි. ඔහු පවසන්නේ රුපියල් 100යි කියන්නේ පොල් කිලෝවක මිල මිස ගෙඩියක මිල නොවන බවය. පොල් ගෙඩියක් රුපියල් 100ට මිලට ගත් එක් කෙනකු හෝ සිටිදැයි ඔහු විමසයි.