
| දේශපාලන වාර්තාකරු
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සඳහා පත්කළ මෙහෙයුම් කමිටුවට තමන් ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ යෝජනා සිය අතුරු වාර්තාව සඳහා සලකා බැලීමටවත් ආණ්ඩුව අපොහොසත් වී ඇති බැවින් එම අතුරු වාර්තාව ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා (දේශයට) කීය.
තමන් දැනට මෙම වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බව පැවසූ රාජපක්ෂ මහතා සිංහල වාර්තාවේ සහ ඉංග්‍රීසි පරිවර්තනයේ සෑහෙන වෙනස්කම් දැනටමත් හඳුනාගෙන ඇතැයි කීය. සිංහල භාෂාවෙන් සැකසූ වාර්තාවේ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් යැයි සඳහන් නමුත් එහි ඉංග්‍රීසි පරිවර්තනයේ ඒකීය අරුත එන (යුනිටරි) වෙනුවට වෙනත් යෙදුම් භාවිත කර ඇතැයිද පැවසීය. (යුනිටරි) යෙදුම භාවිතය සුදුසු නැතැයිද අතුරු වාර්තාව කියන බැවින් රාජ්‍යයේ ස්වභාවය ගැන බරපතළ සැකසංකා හටගන්නා බව අවධාරණය කළේය.
එසේම පළාත් සභා ක්‍රියාවලියේදී මධ්‍යම රජයේ රාජ්‍ය නායකයා විසින් පත්කරන ආණ්ඩුකාරවරයා පළාත් මහ ඇමැති ප්‍රමුඛ ඇමැති මණ්ඩලයට වගකිවයුතු මට්ටමට පත්කිරීම විශාල වරදක් යැයි තමන් සිතන බවද හෙතෙම සඳහන් කළේය. මෙම වාර්තාව ගැන පූර්ණ අධ්‍යයනයකින් පසුව ඒ සම්බන්ධව නිල ප්‍රකාශයක් කරන්නේ යැයිද රාජපක්ෂ මහතා කීය.