2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

උතුර නැගෙනහිර එක්කරන්න මෙහෙයුමක්

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

I සංජීවිකා සමරතුංග

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මගින් වෙන් කරන ලද උතුරු නැගෙනහිර දෙපළාත නැවත ඒකාබද්ධ කිරීම සඳහා රජයට බල කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ අනුග්‍රහයෙන් විශේෂ මෙහෙයුමක් අරඹා ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග කියයි.

මේ සඳහා ආගමික නායකයන් හා උතුරු නැගෙනහිර විද්වතුන්ගෙන් සමන්විත කණ්ඩායම් ගණනාවක් එක් වී සිටින බවත් සඳහන්ය. මෙම කටයුත්ත වෙනුවෙන් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම සඳහා වන මෙහෙයුම් කමිටුව නමින් සංවිධානයක් පිහිටුවීමටද, එහි ප්‍රථම හමුව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වීමටද සැලසුම් කර තිබෙන බවද දැනගන්නට තිබේ.