
I ගයාන් ගාල්ලගේ
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් සිදුවී ඇතැයි කියන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයාබලා වහාම වාර්තාවක් ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) විසින් විගණකාධිපතිවරයාට නියෝග කර ඇත.
මාර්ග සංවර්ධන අධිකාරිය කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදී එහි නිලධාරීන් විසින් මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් හෙළිකළ යම් ගැටලුකාරී තොරතුරු නිසා මෙලෙස වාර්තාවක් කැඳවූ බව එහි සාමාජිකයෙක් (දේශයට) පැවසීය.
එසේම මේ සම්බන්ධයෙන් සොයාබලා පරීක්ෂණයක් සිදුකරන ලෙසට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට යන බවද සඳහන් වේ. අදාළ ටෙන්ඩරය ප්‍රමිතියෙන් තොර ආයතනයකට ලබාදීමත්, එම ටෙන්ඩරය වැඩිම මුදලක් ලංසු තැබූ ආයතනයකට ලබාදීමත් යන චෝදනා සම්බන්ධයෙන් ඔවුන් මෙලෙස පැමිණිලි කිරීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් පසුගියදා (20) අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ ජපානයේ තායිසේ සමාගමට මෙය ලබාදුන්නේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් මත බවය. එම සමාගම මුල් සහ දෙවැනි ටෙන්ඩර්වලදී රුපියල් බිලියන 159ක් ප්‍රකාශ කළ බවත් ඔවුන් පසුව බිලියන 134.9 දක්වා පහළට දැමූ බවත් මේ නිසා බිලියන 24ක් ඉතිරි වූ බවත් හෙතෙම සඳහන් කළේය