2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

පළාත් සභා පනතට මහ පක්ෂ හැප්පෙයි

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 39


පළාත් සභා මැතිවරණ කල්දමා 2018 වසරේ එකම දිනයක ඡන්ද පැවැත්වීමට නීතිමය අවසරය ලබාගැනීම සඳහා ලබන 20දා මැතිසබයට ඉදිරිපත් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ප්‍රධාන පක්ෂ ගණනාවක් අතර ප්‍රබල මත ගැටුමක් හටගෙන තිබේ.

ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දෙන බව දැනටමත් කියා තිබේ. ඒ අතර පළාත් සභා ඡන්ද කල්දමන දිනය ගැන ශ්‍රී.ල.නි.ප.ය හා දෙමළ සන්ධානය අතර මත ගැටුම නිසා නිශ්චිත තීන්දුවක් ගත නොහැකි වී ඇත. කල් දමන මැතිවරණ ලබන වසරේ දෙසැම්බර් මස පැවැත්විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කර තිබේ. එහෙත් දෙමළ සන්ධානය ඊට එකඟ වී නැත. ඔවුන් ප්‍රකාශ කරන්නේ ලබන සැප්තැම්බරයේ ඡන්දය පැවැත්විය යුතු බවයි. 
කෙසේ හෝ මේ ගැන අද හෙටම නිශ්චිත තීන්දුවක් ගත යුතුව තිබේ. 

I දේශපාලන වාර්තාකරු