
සිල්රෙදි නඩුවේදි කොළඹ මහාධිකරණයෙන් දඬුවම් ලැබූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන් විසින් නඩු තීන්දුවට එරෙහිව ගොනු කරන අභියාචනය ලබන සඳුදා (හෙට) අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
නඩු තීන්දුවේ සහතික පිටපත් ලබාගැනීමෙන් පසු අභියාචනා පෙත්සම කෙටුම්පත් කිරීම ජ්‍යෙෂ්ඨ නීතිඥ පිරිසක් විසින් පසුගිය සිකුරාදාම ආරම්භ කළ බව වීරතුංග මහතාගේ නීතිඥ මණ්ඩලයේ සාමාජිකයෙක් දේශයට කීය.
අධිකරණ වාර්තාකරු