2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

මහින්ද - මෛත්‍රී එක වේදිකාවක

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 62


එළඹෙන ඕනෑම මැතිවරණයක දී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව තරග කිරීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානමින් සිටි මැති ඇමැතිවරුන් හමුවේ ප්‍රකාශ කර තිබේ.
එලෙස එක්ව තරග නොකළහොත් ශ්‍රීලනිපය අනෙකුත් පක්ෂ සමඟ පරාජයට පත්වන බවත් ඒ නිසා තමන් ද සියලු දෙනා එක්ව මැතිවරණයට තරග කිරීමට හොඳ යැයි විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ඒ සඳහා දෙපාර්ශ්වය එක් කරන ලෙසට ජනාධිපතිවරයා විසින් එම මැති ඇමැතිවරැන්ට පවසා ඇතැයි එම සාකච්ඡාවට සහභාගි වූ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් දේශයට පැවසීය. ඒ අනුව එම පාර්ශ්ව දෙක එක් කිරීම සඳහා මේ වන විටත් මැති ඇමැති පිරිසක් කටයුතු සිදුකරමින් පවතින බවද සඳහන් වේ.

මෙම හමුව ජනාධිපති නිල නිවෙසේ පැවැති අතර මේ සාකච්ඡාව සඳහා ආණ්ඩුවෙන් ඉවත් වීමට සිටි ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් 12 දෙනකුට ආරාධනා කර සිටියත් සහභාගි වී ඇත්තේ 08 දෙනකු පමණි.

I ගයාන් ගාල්ලගේ