
හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය මහතා හෝ වෙනත් ඕනෑම රණවිරුවකු සම්බන්ධයෙන් හටගන්නා නීති ප්‍රශ්නවලදී උපරිම සහාය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට දැනුම් දී ඇත.
ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජෙනරාල් ජයසූරිය මහතාට යුද අපරාධ චෝදනා එල්ල කිරීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ඔහු අමතා කරුණු විමසීය. දෙමළ ඩයස් පෝරාවේ වුවමනාවට තමාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි කී හිටපු ජනපතිවරයාට දන්වා ඇති ජයසූරිය මහතා තමන් ඕනෑම දෙයකට මුහුණදීමට සූදානම් යැයි පවසා තිබේ.
එවිට හිටපු ජනාධිපතිවරයා කියා ඇත්තේ රට වෙනුවෙන් සටන්කළ රණවිරුවන් වෙනුවෙන් තමන් නිරන්තරයෙන් පෙනී සිටින බවයි. පසුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද ජෙනරාල් ජයසූරිය මහතාට කතාකොට අවශ්‍ය කරන උදව් උපකාර පිළිබඳ විමසීමක් කර ඇත.
I සංජීවිකා සමරතුංග