
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් එල්ල කරන ලද යුද අපරාධ චෝදනා ගැන දුරකතනයෙන් කරුණු විමසූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී කරුණු දැක්වීමට තමන් අපේක්ෂා කරන බව ජෙනරාල් ජගත් ජයසූරිය මහතා දේශයට පැවසීය.
මේ ගැන තමන් ජනාධිපතිවරයා දැනුම්වත් කළ බව පැවසූ ජෙනරාල්වරයා මෙය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්කිරීමට යම් පිරිසක් උත්සාහ දරමින් සිටින බවත් ඊට අදාළ තමා දන්නා කරුණු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දෙන බවත් පැවසීය.
I දේශපාලන වාර්තාකරු