2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ජවිපෙන් ව්‍යවස්ථාවට කොන්දේසි

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 33

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමේ ක්‍රියාවලියට ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා සහ දායකත්වය සපයන්නේ එමඟින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වන්නේ නම් පමණක් බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා දේශයට පැවසීය.

තවමත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සඳහා සිය යෝජනා ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නැති අතර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කමිටු සාකච්ඡා පැවැතිය ද මේ වනතුරුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කාර්යය ආරම්භ කර නොතිබීම ඊට ප්‍රධාන හේතුව බවත් ඔහු පෙන්වාදුන්නේය. 

අලුත් ව්‍යවස්ථාවකට අවශ්‍ය පදනමවත් ආණ්ඩුවට මෙතෙක් තීරණය කරගැනීමට නොහැකි වී ඇති බව කී හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ විධායක ජනාධිපති ක්‍රමය දිගටම පවත්වාගෙන යා යුතු බවට ශ්‍රීලනිපය යෝජනා කිරීම නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සිදුනොවන තැනකට ගමන් කරමින් පවතින බව ය.

I රජිත ජාගොඩ ආරච්චි