
සීනි භාවිත කර නිෂ්පාදනය කරනු ලබන ආහාර සඳහා නව සීනි බද්දක් පනවන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මුදල් අමාත්‍යංශයට යෝජනා කර තිබේ.
ආහාරපානවල අඩංගු සීනි ප්‍රතිශතයේ ප්‍රමාණය අනුව මෙම බද්ද අනුපාත කිහිපයක් යටතේ ක්‍රියාත්මක කළ යුතු බවද එම යෝජනාවේ සඳහන් බව වාර්තා වෙයි.
අධික ලෙස පැණි බීම සහ රසකැවිලි වර්ග භාවිතයෙන් දියවැඩියාව හා තවත් බෝ නොවන රෝග ගණනාවක් වර්ධනය වන තත්ත්වයක් පෙන්නුම් කරන බැවින් මෙවැනි බද්දක් පනවා හෝ පැණි රස ආහාර භාවිතය දුර්වල කළයුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අදහස බව කියැවේ.
I සංජීවිකා සමරතුංග