2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

මම ගියොත් ක්‍රිකට් ඉවරයි

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 357

- තිලංග සුමතිපාල

I ගයාන් ගාල්ලගේ

තමන් ක්‍රිකට් ආයතන සභාපති ධූරයෙන් ඉවත් වුවහොත් ක්‍රිකට් ක්‍රීඩාව සහමුලින් කඩාවැටෙන බවට තමාව පත් කරන ලද සාමාජිකයන් පවසන නිසා කිසිම හේතුවක් නිසා හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයෙන් ඉවත් නොවන බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා (දේශය)ට පැවසීය.

හඳ ඉල්ලා හඬන පොඩි දරුවන් වැනි අයගේ කීමට තමන් අවනත නොවන බවත් මෙතෙක් කිසිදු අයෙක් තමාට ඉවත් වන ලෙසයට දැනුම් දී නැති බවත් හෙතෙම සඳහන් කළේය.

ආණ්ඩුවේ ඉන්න ඇමැතිවරයකු වැරදි වැඩක් කළ පමණින් ජනාධිපති, අගමැති ඉවත් නොවන බවත් එලෙස තමාට පැවරුණු රාජකාරිය සම්පූර්ණයෙන් නිමකොට ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට රැගෙන එන බවත් සුමතිපාල මහතා වැඩිදුරටත් කීය