2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

අගමැතිගෙන් විශේෂ ආර්ථික ප්‍රකාශයක්

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 137

ගයාන් ගාල්ලගේ |

වත්මන් රජයේ ඉදිරි ආර්ථික පිළිවෙත විග්‍රහ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (04) දිනයේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

“පොහොසත් රටක්” යන තේමාවෙන් හෙට (04) සවස තුනට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණයකදී අගමැතිවරයා මෙම ප්‍රකාශය සිදුකිරීමට නියමිතය.

වසර 2025 දක්වා රජයේ ආර්ථික දර්ශනය විග්‍රහ කරන මෙකී ප්‍රකාශය ඉදිරි අයවැය ලේඛනය සඳහා මුදල් අමාත්‍යවරයාට කෙරෙන මඟ පෙන්වීමක් ලෙසද සඳහන් වේ.

මැති ඇමැතිවරුන්, තානාපතිවරුන්, විද්වත් වෘත්තිකයන් සහ ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකට හෙට පැවැත්වෙන උත්සවය සඳහා ආරාධනා කර ඇතැයි දැනගන්නට තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන රජයේ ගතවූ වසර දෙකක කාලය තුළ රජයේ ආර්ථික දැක්ම ඉදිරිපත් කිරීම සඳහා වාර්ෂිකව මෙවැනි ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක් ඉදිරිපත් කළේය. මේ එහි තුන්වන පියවර බව මුදල් අමාත්‍යයවරයා පවසයි.